අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
| නිලධාරියාගේ නම | එච්.ඒ.ජී.නිසංසලා මෙය (ඒකක ප්‍රධානී) |
| තනතුර | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| දුරකථන අංකය | 0779873927 |
| නිලධාරියාගේ නම | ඩබ්.වී.පී. අතුල චන්දන මයා (සුපිළිපන්න නිලධාරී) |
| තනතුර | පරිපාලන ග්‍රාම නිලධාරී |
| දුරකථන අංකය | 0713815398 |
| නිලධාරියාගේ නම | ඩබ්.එල්.බී. වේරගොඩ මිය (සාමාජික) |
| තනතුර | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| දුරකථන අංකය | 0701965197 |
වගකීම් සහ කාර්යයන්
I. පද්ධතිමය බාධා හඳුනාගෙන ක්‍රියා පටිපාටි හා චක්‍රලේඛ සරල කිරීම මඟින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම.
II. දූෂණ අවදානම් ඇගයීම මඟින් අවදානම් ක්ෂේත්‍ර හඳුනාගෙන වැළැක්වීමේ පියවර ගැනීම.
III. ආයතනයට ගැළපෙන දූෂණ විරෝධී අරමුණු හා උපායමාර්ග ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
IV. ආයතනික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුකූල කිරීම.
V. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර නීතිවලට අනුකූලතාව පරීක්ෂා කිරීම.
VI. නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශන සහ බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
VII. දූෂණ හා සදාචාර විරෝධී හැසිරීම් පිළිබඳ පැමිණිලි ආරක්ෂිතව භාරගෙන කඩිනමින් විමර්ශනය කිරීම, ප්‍රගතිය දැනුම් දීම සහ අවශ්‍ය කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කිරීම.
VIII. ආයතනයේ සේවාවන් ඇතුළත් පුරවැසි ප්රඥප්තියක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම.
IX. රාජ්‍ය නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළු සදාචාරාත්මක පාලන ප්‍රතිපත්ති ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීම.
X. කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා දැනුවත් කිරීම මඟින් දූෂණ විරෝධී මූලධර්ම ප්‍රවර්ධනය කිරීම.
XI. ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලිය සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
XII. රාජකාරි සඳහා අවශ්‍ය මඟපෙන්වීම් හා සහාය ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
XIII. ක්‍රියාකාරකම්, ප්‍රගතිය, අභියෝග හා නිර්දේශ ඇතුළත් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
XIV. පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාව වර්ධනය කිරීමේ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම.















