අපගේ දැක්ම

ජනතා මිතුරු මහජන සේවයක් තුළින්  දිවයිනේ විශිෂ්ටතමප්‍රාදේශිය ලේකම් කාර්යාලය බවට පත් වීම

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම,සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම් සහගත ක්‍රියාවලියක් තුළින් කොට්ඨාශයේ ජන දිවිය නංවාලීම
 
හැඳින්වීම

1833 දී මායිම් වෙන් කරන ලද දකුණු පළාතේ ඊසාන දෙසට වන්නට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. වර්ග කිලෝ මීටර් 148.3 ක (හෙක්. 14830) භූමි ප්‍රමාණයකින් යුක්තවන අතර රජයේ කළමනා කරණය යටතේ ඉඩම් කැබලි 23680ක් පවතින අතර ඉන් බලපත්‍ර ලබාදී ඇති සංඛ්‍යාව 18125ක් වන අතර බලපත්‍ර ලබා දීමට ඇති සංඛ්‍යාව 5555ක් වේ.

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය උතුරින් කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, නැගෙනහිරින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද, ගිණිකොණින් හම්බන්තොට දිස්ත්‍රික්කය මෙන්ම රම්මලේ කන්ද රක්ෂිත වනාන්තරයෙන් ද, දකුණින් මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා එම රක්ෂිත වනාන්තරයෙන් ද, බටහිරින් පිටබැද්දර හා කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද මායිම් වේ.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 43කින් ද සමෘද්ධි කලාප 3 කින් ද සමන්විත වන අතර පස්ගොඩ ප්‍රාදේශීය සභාවට මුළුමණින්ම අයත් වේ. මැතිවරණ කොට්ඨාශ වශයෙන් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හක්මණ හා දෙනියාය මැතිවරණ කොට්ඨාශ දෙකටම සම්බන්ධ වී ඇත. පස්ගොඩ, ඌරුබොක්ක, බෙරලපනාතර වශයෙන් ගොවිජන කේන්ද්‍ර තුනකට ද මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අයත් වේ. මෙම කොට්ඨාශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය පස්ගොඩ වන අතර පශු වෛද්‍ය නිලධාරී කොට්ඨාශය කොටපොල වශයෙන් ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශ ලෙස ඌරුබොක්ක හා පස්ගොඩ ද හඳුනාගත හැකිය

ඓතිහාසික රෝහණ රාජ්‍යයේ කොටසක් වූ මාතර ආර්ය ජනාවාස ඇති වූ ක්‍රි. පූ. 543 ටද වඩා පැරණි ඉතිහාසයකට නෑකම් කියයි. පොළොන්නරු යුගයේ විසූ මහා විජයබාහු රජතුමාගේ ළමා කාළය මොරවක් කෝරළේ ගත කළ බවට මහා වංශයේ සඳහන් වෙයි. එසේම මෙම ප්‍රදේශය මහා පරාක්‍රමබාහු රජතුමාගේ ද යුද්ධ භූමියක් ලෙස ඉතිහාසගතය.

ශ්‍රී ලංකා ඉතිහාසහේ සඳහන් ප්‍රථම තඹ සන්නස මෙම කොට්ඨාශයේ පනාකඩුව ග්‍රාමයෙන් සොයා ගෙන ඇත.

1963 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
H. P. T. ජයසිංහ මහතා  1963.10.01 1965.12.31
D. P. L. ජයතුංග මහතා  1966.01.01 1966.05.11
A. වික්‍රමආරච්චි මහතා  1966.06.05 1967.12.31
සමරනායක මහතා  1968.01.01 1970.01.01
G.අබේගුණවර්ධන මහතා  1970 1973
ආරියරත්න මිය  1973 1975
පීරිස් මහතා  1976 1977
ගුණතිලක මහතා  1977 1979
D.වික්‍රමආරච්චි මහතා  1979 1982
D. රුවන් පතිරණ මහතා  1982.12.15 1983.07.09
කොඩිතුවක්කු මහතා  1983.07.10 1984.02.28

D. A. ඒකනායක මහතා

 1984.03.01 1994.09.13
D.K.S.අමරසිරි මහතා  1994.9.14 2002.02.20
P. සෝමසිරි මහතා  2002.02.31 2005.05.31
V.D. ගුණපාල මහතා  2005.06.01 2006.05.28
P. ගාල්ලගේ මහතා  2006.05.29  2009.08.20
W.ගුණරත්න මහතා  2009.08.26 2010.06.02
D,R. ජයතිලක මහතා  2010.06.03 2011.01.01
B.R. රණවීර මහතා  2011.01.02 2011.04.17
K. N. ‍කෞශල්‍යා කුමාරි මිය 2011.04.18 2019.09.16
A.G.W.T.රාජපක්ෂ මිය  2019.11.25 2021.10.29
මදුමතී එම් රත්නායක මිය 20211.11.01 2024.01.03
ශානිකා අයි. පෙරේරා මිය 2024.01.04 2024.11.29
වින්ද්‍යා ඩී සමරක්කොඩි මිය 2024.12.02 2025.01.29
ටී.එච්.දර්ශන වර්ණප්‍රිය මයා 2025.01.30 මේ දක්වා
     

News & Events

08
ඔක්2026
ව්‍යවසායක අලෙවි පොළ

ව්‍යවසායක අලෙවි පොළ

ව්‍යවසායක අලෙවි පොළ විදාතා හරිත කඩමණ්ඩිය නවෝත්පාදන...

21
අගෝ2026
මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 

මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා 

මාතර දිස්ත්‍රික් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා...

Scroll To Top